අපේ දරුවන්ට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උරුම කර දීම

ආචාර්ය ගුණතිලක තන්තිරිගම

(කියවන්නාගේ  පහසුව සඳහා සංක්ෂිප්ත කරන ලද මෙම පිටපතේ ඉග්‍රීසියෙන් ලියන ලද විස්තරාත්මක වාර්තාව-ආසන්න වශයෙන් පිටු අටකට අසන්න, බාගත කර ගැනීම සඳහා මෙම දිගුව භාවිතා කරන්න: https://newhorizonsplus.files.wordpress.com/2021/09/handing-over-of-a-propsrous-sri-lanka-to-our-children-full-report.pdf)

ශ්‍රී ලංකාව දශක කීපයකට පෙර සෞභාග්‍යමත් රටක් ලෙස පැවතිය ද අද වන විට එය විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත ඉන්නා විද්‍යාර්ථීන්, වෘත්තිකයන් හා චින්තකයන් 60 දෙනෙකු සහභාගී කර ගෙන සමීක්ෂණයක් පවත්වන ලදී. එම සමීක්ෂණයේ අරමුණ වූයේ සමාජ-සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සහ පාරිසරික ක්ෂේත්‍රයන්ගේ රට ලබා ඇති ප්‍රගතිය විමසීම ත් ඒ ප්‍රගතිය සීමා කරන හේතු සාධක මතු කර ගැනීමත් ය. සමීක්ෂණය, “ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැන ද?” සහ “ශ්‍රී ලංකාව දක්ෂ හා සාධනීය වන්නේ කුමන කරුණු අරබයා ද?” යන ප්‍රශ්න ද්විත්වය දෙස අවධාරණ කරමින් නිදහස ලැබීමේ සිට අද දක්වා රටේ ‌ඓතිහාසික පරිණාමය විමසී ය. 

ඉහත සඳහන් ප්‍රශ්න ද්විත්වය ගැඹුරින් විමසීම සඳහා ආරම්භයක් ගැනීමට අවශ්‍ය තොරතුරු සමීක්ෂණය මගින් ලැබිණි. ශ්‍රී ලංකාව සමාජමය, දේශපාලන, ආර්ථික සහ පාරිසාරික යන හැම ක්ෂේත්‍රයන්හිම ඉතා දරුණු අවධියක පසුවන බව සමීක්ෂණයට සහභාගි වූ බොහෝ දෙනෙකුගේ එකඟතාවය විය. සමීක්ෂණයට ලැබුණු ප්‍රතිචාරයන්ට අනුව ඒ හැම ක්ෂේත්‍රයකදීම රට වේගයෙන් අගාධයකට තල්ලුවෙමින් පවතින බව ද අනාවරණය විය.

සමීක්ෂණයට පිලිතුරු දුන් සැළකිය යුතු සංඛ්‍යාවකගේ ප්‍රතිචාරය වූයේ තවදුරටත් පමා නොවී නිවැරදි ප්‍රතිකර්මයන් අනුගමනය කරන්නේ නම් තවමත් ශ්‍රී ලංකාවට සෞභාග්‍ය කරා යා හැකි බවය. ශ්‍රී ලංකාව සතුව ඇති සම්පත් නිසාම වෙනත් දියුණු වෙමින් පවතින රටවල් වලට පමණක් නොව දියුණු රටවලට ද සාපේක්ෂව වාසිදායක තත්වයන් ගණනාවක් පවතින බව සමීක්ෂණයට සහභාගීවූ බොහෝ පිරිසක් විසින් හඳුනා ගෙන තිබුණේ ය.

ලංකාව දක්ෂ හා සාධනීය වන්නේ කුමන කරුණු අරබයා ද?

සමීක්ෂණයෙන් අනාවරණය වු වූයේ ශ්‍රී ලංකාව සතුව තුන් ආකාරයක සම්පත් ඇති බව ය. ඒවා නම්: මානව සම්පත් (manpower resources), ස්වභාවික සම්පත්(natural resources) හා මිනිසුන් විසින් නිමවා ඇති සම්පත් ය (man-made resources). පළමුව, මානව සම්පත් සම්බන්ධයෙන් ගත්කල, ශ්‍රී ලංකිකයන් අතර අතිදක්ෂ, නිර්මාණශීලී සහ විවිධ කුසලතාවලින් පොහොසත් අය සිටිති. රට ඉදිරියේ ඇති අභියෝගය වන්නේ එම නිර්මාණශීලී සහ විවිධ කුසලතා නිසි ලෙස භාවිතා කිරීමය. ඒ හැකියාවන් සමාජයේ හා රටේ පොදු උන්නතිය වෙනුවෙන් උපයෝගී කර ගත හැකි මාර්ගයන් නිර්මාණය කර ගැනීමය.  

දෙවනුව, ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් ගත්කල, ශ්‍රී ලංකාව, උණුසුම් උෂ්ණත්වයක සිට සෞම්‍ය උෂ්ණත්වයක් දක්වා විහිදෙන විශාල පරාසයකින් යුත් දේශගුණික විවිධත්වයෙන් වූ කලාප වලින්ද, තෙත් හා වියලි දේශගුණයන්ගෙන් යුක්ත කලාප වලින්ද යුක්ත වීමට අමතරව, මැණික්, ඉල්මනයිට්, ටයිටේනියම් වැනි දුර්ලභ ඛණිජ වර්ගයන්ගෙන්ද යුක්තය. මේ  ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික සම්පත් වලට උදාහරණ කීපයක් පමනි.

තෙවනුව, මිනිසුන් විසින් නිමවා ඇති සම්පත් වලට උදාහරණ අතර වාරිමාර්ග වැව් පද්ධතීන්ද, මහා මාර්ග පද්ධතියද ඇතුළත් යටිතල ව්‍යුහයක්ද වෙයි. සමීක්ෂණයට අනුව සෞඛ්‍ය ඉලක්ක කර ගත් සංචාරක ව්‍යාපාරයක් ඇති කිරීම, දේශීය පළතුරු විදේශීය වෙළඳපොල ඉලක්ක කර ගෙන දියුණු කිරීම සහ රටේ භූගෝලීය පිහිටීම පදනම් කර ගෙන විදේශ විනිමය සොයා ගැනීමේ ඉඩකඩ තිබේ. දැනටමත් දැඩි ලෙස අවශ්‍ය වී ඇති විදේශ විනිමය උපයන හා ස්ථාවර ආදායම් උපයන ක්‍රියාකාරී වැවිලි කෘෂිකර්මයක්, විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලෝක වෙලදපලට උසස් තත්වයේ තේ සපයන වගා කර්මාන්තයක්ද තිබේ. කෙසේ වුව ද ප්‍රමාණවත් කාර්යක්ෂමතාවයක් නොමැති හේතුවෙන් මේ සම්පත් වලින් ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙලවල් අපොහොසත් වී  තිබේ.

අපට වැරදුනේ කොතැන ද?

ශ්‍රී ලංකාව රටක් ලෙස සංවර්ධනය හා සෞභාග්‍ය ලබා ගත හැකි උපරිම විභවයන්ගෙන් ඈත් වී ඇතැයි සමීක්ෂණයෙන් අනාවරණය විය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්න වල එතිහාසික පරිණාමය ද ඒ ප්‍රශ්නවලට බල පෑ මූල හේතූන්ද (root-causes) තේරුම් ගැනීම “ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැන ද?” (“what went wrong”) යන්න සොයා ගැනීමට සහ අලුතින් සිතා නව ස්ථිරසාර මහජන හිතවදී සංවර්ධන මාර්ගයකට ශ්‍රී ලංකාව අවතීර්ණය කිරීම සඳහා අවශ්‍ය වේ.

සමීක්ෂණයෙන් ලැබුණු සියළු පිලිතුරු විමසීමේ දී පෙනී ගියේ ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්න වල මූල හේතූන් හෝ මුහුණ දියයුතු අභියෝග (challenges) ප්‍රධාන මතෘකා  දහයක් යටතේ ගොනු කළ හැකි බවය. ඊට අමතරව ශ්‍රී ලංකාව සතුව පවතින සම්පත් ප්‍රභවයන් නැතිනම් සංවර්ධනයට හා සෞභාග්‍යයට රුකුලක් විය හැකි “ශ්‍රී ලංකාව දක්ෂ වන්නේ කුමන කරුණු අරබයා ද?” (“what is Sri Lanka good at?”) යන ප්‍රශ්නයට පිලිතුරු  හඳුනා ගැනීමටද සමීක්ෂණය තුළින් හැකි විය.

අභියෝග දහය

(i) ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ව්‍යවහාර කිරීම (Practice of democracy)

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ එක් අයෙක් මෙය හඳුන්වා දී තිබුණේ පොදු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් සහ නිදහස තේරුම් නොගැනීම ලෙසය. තවකෙනෙකු මෙය සාරාංශ ගත කළේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ව්‍යවහාර කිරීමේ දී බහුතරයක් මිනිසුන් තුළ දක්නට ලැබෙන ඉතා කෙටි කාලීන සහ පටුදැක්මක් සහිත හැසිරීම ලෙසය. මූලික මට්ටමෙන් මෙය බහුතරයකගේ නොසැලකිලිමත් කම (ignorance) ලෙසද දැක්විය හැකිය. ඒ නොසැලකිලිමත් කම නිසා දේශපාලනඥයන්ට සහ දේශපාලන පක්ෂ වලට මිනිසුන්ගේ අයිතීන් සොරා ගැනීමටද එය තමන්ගේ වාසියට භාවිතා කිරීමටද හැකි වී තිබේ. සමීක්ෂණයට සහභාගීවූ සමහරු කියා සිටියේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තවමත් “තම නායකයා විසින් සියල්ල තීන්දු කරන, නායකයා විසින් අනුගාමිකයන් රැක බලා ගන්නා සහ ඒ වෙනුවෙන් සිය පක්ෂපාතිත්වය අනුගාමිකයන් විසින් නායකයාට පළ කළ යුතුය” යන වැඩවසම් ක්‍රමය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන බවය. 

(ii) ආකල්ප සහ ආචාර ධාර්මිකව හැසිරීම (Attitudes and ethical behavior)

ශ්‍රී ලාංකිකයන් අතීතයේ දී ඉතාම ආචාර ධාර්මිකව හැසුරුණු, අනෙකා ගැන සංවේදී වූ සහ සංග්‍රහශීලී වූ නමුත් ඒ සාරධර්මයන් පරිහානියට ලක් වී ඒ වෙනුවට කෑදර කම, ආත්මාර්ථකාමී බව, අසංවේදී බව හා සෙසු මිනිසුන් හා සතුන්ගේ ජීවිත නොසළකා හරින පිරිසක් බවට පත් ව  ඇති බව සමීක්ෂණයට සහභාගීවූ බොහෝ ප්‍රතිචාර වලින් පෙනිණි.

(iii) ආර්ථික අවපාලනය (Economic mis-management)

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ කීප දෙනෙකුගේ ම අදහස වූයේ ආර්ථික අවපාලනය ශ්‍රී ලංකාවට ජාතියක් ලෙස ඉදිරියට යෑමට ඇති ප්‍රධානතම බාධාවක් බව ය. වරින් වර පත්වූ රජයන් හැම එකක් ම විසින් කළ මේ ආර්ථික අවපාලනය නිසා ශ්‍රී ලංකාව බහුතරයක් මිනිසුන්ට ජීවත් විය හැකි තරමේ ආදායමක් ඇති කිරීමට ද, තරුණ පරපුරට අවශ්‍ය තරම් රැකියා උත්පාදනය කිරීමට ද, මිල ස්ථාවරව පවත්වා ගෙන යෑමට ද, ප්‍රමාණවත් ජාතික ඉතුරුම් ජනනය කිරීමට ද සහ විදේශ විනිමය උපයා ගැනීමට ද අසමත්ව තිබේ. මේ අසමත්කම් හේතුවෙන් ජනයාගේ ජීවන තත්වය උසස් කිරීමට අපොහොසත් වූවා ට අමතර ව මිනිසුන් වැඩි පිරිසක් දරිද්‍රතාවය වෙත ද, ආහාර වලින් අනාරක්ෂිත තත්වයකට ද, අසරණ භාවයට ද පත් කර තිබේ.

(iv) පාරිසරික අවපාලනය (Environment mis-management)

ශ්‍රී ලංකාවේ පොහොසත් සත්ව හා වෘක්ෂලතා පද්ධති විනාශ කිරීම කාලයත් සමග වේගවත් වී ඇත. ඒ හරහා ඉතා වටිනා ජෛව විවිධත්වය විනාශ වී ඇති වා පමණක් නොව එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හැකියාව ද විනාශ වී ඇත. වන සංරක්ෂණය  සහ සංවර්ධනය මුවාවෙන් කරන කටයුතු නිසා ශ්‍රී ලංකාවේ වන ගහණය පහත බැස තිබේ. කදිම උදහරණයක් වන්නේ ඊනියා අලි මිනිස් ගැටුම ය.  අලි මිනිස් ගැටුමට හේතුව මිනිසුන් විසින් සතුන්ගේ නිජ බිම් ආක්‍රමණය කිරීම ය.

(v) රජයේ අදායම් සහ වියදම් පරිපාලන වගකී (Government fiscal responsibility)

වගකීම් විරහිත රජයේ අයවැය කටයුතු නිසා රජයේ අදායම් සහ වියදම් නාස්ති කර තිබේ. ඉතාමත් සුළු ප්‍රතිලාභයක් ඇති සහ රටේ නිශ්පාදන ධාරිතාවේ වැඩිවීමක් නොකරන, විශාල ව්‍යාපෘති සඳහා රජයේ මුදල් නාස්ති කිරීම එක් උදහරණයකි. මෙවැවනි වගකීම් විරහිත රජයේ අයවැය කටයුතු නිසා රටේ අභ්‍යන්තරික අයවැයේ අසමතුලිතතාවයක් ද විදේශ වෙළඳාමේ සහ විදේශ විනිමයේ අවාසිදායක පරතරයක් ද ඇති වී තිබේ.

(vi) අධිකරණ පද්ධතිය (Judiciary system)

සමීක්ෂණයට සහභාගී වූ අයගේ අදහස වූයේ විවිධ හේතූන් නිසා මිනිසුන් නීතිය හා සාමය ගැන නිසි ගෞරවයකින් තොරව හැසිරෙන බව ය. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ අධිකරණ ක්‍රමය පිළිබඳව පොදු ජනතාව තුළ පැවති විශ්වාසනීයත්වය අහෝසි වෙමින් තිබෙන බව ය. අධිකරණයේ උත්තරීතරභාවය සහ නීතිය ඉදිරියේ හැම කෙනෙකුම සමානය යන්න ප්‍රතිෂ්ඨාපනය කිරීමට නොහැකි වුවහොත් අධිකරණ පද්ධතිය පිළිබඳව පොදු මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි බව ය.

(vii) අධ්‍යාපන ක්‍රමය (Education system)

නොයෙකුත් උදාහරණ සපයමින් සමීක්ෂණයට සහභාගී වූ වැඩි දෙනෙක් කියා සිටියේ වත්මන් අධ්‍යාපන ක්‍රමය නිවැරදි ආකල්ප සහිත නිර්මාණශීලී සහ කුසලතා පිරිපුන් මිනිසුන් බිහිකිරිමට අසමත් වී ඇති බව ය. පොදුවේ රාජ්‍ය සේවකයන් අලුතින් නිර්මාණශීලිව සිතීමට සහ ක්‍රියාකිරීමට අසමත් ව සිටීම එක් උදාහරණයකි.

(viii) මානව සම්පත් උපයෝජනය (Utilization of human resources)

ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල වීමට ප්‍රමුඛ හේතුවක් ලෙස සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් වැඩි දෙනෙක් ප්‍රකාශ කළේ කුසලතා පූර්ණ සහ විශේෂඥ දැනුම ඇති අය තනතුර වලට පත් කිරීම වෙනුවට සමාජ තත්වය, පවුල් සබඳකම් සහ වෙනත් හිතවත් කම් පදනම් කරගෙන වගකීම් සහිත තනතුර වලට පත් කෙරෙන බවය. මෙය බුද්ධිගලනයට ද හේතු වී තිබේ. කුසලතා පූර්ණ සහ විශේෂඥ දැනුම ඇති අය තනතුර වලට පත් කිරීමට අපොහොසත් වීම නිසා, ඒ හරහා උසස් ප්‍රමිතීන්ට අනුව දේශීය හා විදේශීය වෙලද පලවල් සඳහා භාණ්ඩ සහ සේවා සැපයීමට රටට ඇති හැකියාව අඩපන වී තිබේ.

(ix) විදේශ ණය බර (Foreign debt Burden)

කෙටිකාලීන දැක්මක් සහිත ආර්ථික හා දේශපාලනික තීරණවල ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් ඵලදායී නොවන ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් සඳහා විදේශ ණය ගැනීම නිසා ශ්‍රී ලංකාව මේ වන විට විශාල ණය උගුලක හිර වී ඇත. එනම්, ණය වාරික ගෙවීම තබා වාර්ශික පොලිය ගෙවීමට පවා තවතවත් විදේශ ණය ගැනීමටසිදුවී ඇත. ඒ නිසා ම ශ්‍රී ලංකාවට දුර්ලභ විදේශ සම්පත් කළමනාකරණය කිරීම අතිශයින් දුෂ්කර වී තිබේ.

(x) ජාත්‍යන්තර සබඳකම් සහ ගෝලීය දේශපාලනය (International relations and geo-politics)

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ ඇති උපාය මාර්ගික වැදගත් කම නිසා ලෝක බලවතුන්ගේ අවධානයට ශ්‍රී ලංකාව හසු ව ඇත. මේ බලවතුන් අතර බලතරඟය ඉතා අහිතකර ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්වාධීනත්වය කෙරේ බල පා ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය විය.

සාරාංශය

ශ්‍රී ලංකාව දශක කීපයකට පෙර සෞභාග්‍යමත් රටක් ලෙස පැවතිය ද අද වන විට එය විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව රටක් ලෙස සංවර්ධනය හා සෞභාග්‍ය ලබා ගත හැකි උපරිම විභවයෙන් ඈත් වී ඇතැයි සමීක්ෂණ යකින් අනාවරණය විය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්න වල එතිහාසික පරිණාමය ද ඒ ප්‍රශ්නවලට බල පෑ මූල හේතූන් ද තේරුම් ගැනීම හෝ “ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැන ද?” යන්න සොයා ගැනීම අලුතින් සිතා නව ස්ථිරසාර මහජන හිතවදී සංවර්ධන මාර්ගයකට ශ්‍රී ලංකාව අවතීර්ණය කිරීම සඳහා අවශ්‍ය වේ. “ශ්‍රී ලංකාව දක්ෂ හා සාධනීය වන්නේ කුමන කරුණු අරබයා ද?”  යන ප්‍රශ්නයට උත්තර  හඳුනා ගැනීමට ද එසේත් නැතිනම් සංවර්ධනයට සහ සෞභාග්‍යයට අවතීර්ණ වීම සඳහා අදාල උපාය මාර්ග වලට රුකුලක් විය හැකි ශ්‍රී ලංකාව සතුව පවතින සම්පත් ප්‍රභවයන් හඳුනා ගැනීමට ද සමීක්ෂණයට හැකි විය. සමීක්ෂණයේ සොයා ගැනීම් හරහා සංවර්ධනයට සහ සෞභාග්‍යයට අවතීර්ණ වීම සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග දහයක් හඳුනා ගෙන තිබේ.

සමාප්තිය

සෞභාග්‍යමත් අනාගතයක් ශ්‍රී ලංකාවට උදාකිරීම සඳහා මාවත සොයා ගැනීමට මේ අභියෝග දහය වැඩිදුරටත් ගැඹුරින් විස්ලේශනය කිරීම අවශ්‍ය වේ. එම කාර්යයට අවධානය යොමු කීරීම මෙම අධ්‍යයනයේ දෙවැනි අදියරේ බලාපොරොත්තුවයි.

______________________________________________________________________________

පසු වදන: කතුවරයා “මව්බිම වෙනුවෙන් ජේෂ්ඨයන්” සංවිධානයේ සාමාජිකයෙකි. එම සංවිධානය ස්වේච්ඡා මහජන සංවිධානයක් වන අතර 2019 වසරේදී ස්ථාපිත කරනු ලැබිණි. කතුවරයා සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සියල්ලන් වෙත තම ස්තුතිය පළ කිරීමට කැමති ය. විශේෂයෙන් ම සමීක්ෂණ වාර්ථාව සංස්කරණය සඳහා සහ අදහස් දැක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සැම දෙනාට ම ඔහු විශේෂ කෘතවේදිත්වය පළ කරයි. සමීක්ෂණයේ මූලික සැලසුම් කටයුතු සඳහා සහභාගි වූ නීතිඥ ඩබ්ලිව් ඒ ජයසුන්දර මහතාට කතුවරයාගේ විශේෂ ස්තුතිය හිමි‌ වේ.

විද්‍යුත් තැපෑල: “Seniors for Motherland” admin@newhorizonsplus.org.

වෙබ් පිටුව: www.newhorizonsplus.org/public-awareness/

30 thoughts on “අපේ දරුවන්ට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උරුම කර දීම

  1. සෞභාග්‍යමත් රටක් උදෙසා …. ලාංකික ජේෂ්ඨ කීර්තිමත් විද්‍යාර්ථීනගේ මැදිහත්වීම අත්‍යාවශය මෙවන් වකවානුවක, ස්වේච්ඡාවෙන්ම මෙවන් දැනුවත් කිරීමක් සකස් කල ඔබ සැමට පලමුව ආචාරය.
    සියල්ල ලඝු කර ගත්විට – වසර 72ක් තිස්සේ සිදුවන රාජ්‍ය අවපාලනය මෙහි සදහන් “අපට වැරදුනේ කොතැන ද?” යන කරුනු 10 සදහාම ඍජුවම බලපා ඇති බව මගේ අදහසයි.

    Like

  2. All these points are good and correct. To find a permanent solution for this problems, I think we should change gradually the intellectual powers and social behaviors of all citizens and politicians. But, it is not an easy task. With patience , one day can achieve the expected goal.
    Thanks for your attempt..!

    Like

  3. Great saying sir..In fact, the path to prosperity will not be difficult if the resources of our country are used properly..But so far it has not been so because we are still a 3rd world country

    Like

  4. It is really appreciated the effort you have put on this study sir. All the possible key factors have been identified and described well. Hope the findings of the study will help to address the prevailing issue.

    Like

  5. Very practical analysis of the current Social, Political and Judicial degradation that affected all aspects of the society, leaving people to be disgruntled with no hope for improvements.
    This valuable article, a consortium of ideas from a group of intellectuals with the expertise from different aspects, confirms thst itis still possible to put things on right track.
    Lets concentrate now on the second phase where meaningful analysis of various adpects of different alternatives will be subjected to review, to resuscitate the social, political and economical rejuanation.

    Like

  6. Looking back to our past it is proven how our wisdom and spiritual mindfulness leads towads A Great Nation.Buddhism is the base for all these successfulness.
    Aall the root causes for the current situation is well identified.
    If we can re think and start today,the Great Nation can be generated.

    Like

  7. මෙහි සිටින බොහෝ පිරිසත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් බව මට හිතෙනවා.
    ඔබ විසින් තවත් අය සමග , දිනෙන් දින අගාධයට යන රට යලි සෞභාග්‍යය කරගැනීමට දරණ( කිසිදු තනතුරු හෝ අන් වාසියක් බලාපොරොත්තු නොවී) අපමණ වෙහෙස වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරමි..

    පලමුව අපගේ අධ්‍යාපන ක්‍රමය, නීතිය, සෞඛ්‍ය සහ මහජන ප්‍රවාහන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර , අදට සහ රටට ගැලපෙන පරිදි වෙනස් විය යුතුය යන්න මගේ ද අදහසයි. එහෙත් ඊට පෙර අප මෙම පවතින තත්වයෙන් රට බේරා ගත යුත්තේ කෙසේද යන්න ට ද ප්‍රමුඛතාවය දිය යැයි මම සිතමි.

    රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් වන ඔබ සැමට මගේ ස්තුතිය?

    Like

  8. ඉතා වටිනා කාලීන අදහස්වලින් සමන්විත ඇත.මෙය වෙනස් කරමින් වටිනා මාර්ගයක් සදහා අප සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම ඉතාම වැදගත්.ඒ සදහා සහභාගිත්වය හැකි ඉක්මනින් ලබා දෙමි.අපි සියලු දෙනා ම යහපත් ආකල්ප වලින් වෙනස් විය යුතු යැයි යෝජනා කරමි

    Like

  9. Appreciate your effort for conducting research on timely valuable topic. I have noted that, SL is suffering skills mismatch, a result of the education system not providing proper vocational training, research and Development, motivation for innovation and not equipping people with the abilities that businesses want. Futhermore, the country will need to provide a longterm framework for reconcilation of these matters. And the other hand unprecedented issues in urban poverty are widening in Sri Lanka. We need to create appropriate institutional mechanism to eradicate the poverty of urban and rural areas.

    Like

    1. I totally agree with what you say. Main obstacle to development lies in the present education system which should essentially include the skills and vocational education as well.

      Liked by 1 person

      1. Many comments to this Blog mentioned crucial role of education in addressing the issue within education system, but also addressing root-causes of other areas as well. For example, educating masses about their democratic rights and responsibilities as citizens, changing attitudes and encouraging ethical behaviors, without which a country has no progress. Many thanks for your very thoughtful feedback. Best regards.

        Like

  10. It’s a valuable effort to identify the key issues which are forced to back word the county instead of forwarding the county and also a good initiative work for going forward to discuss the finding in deeply
    Sir, if you can publish this artic in a Sri Lankan newspaper more viewers can be able see and get more feedback and valuable thought too.

    Like

  11. My dear Gune,

    I take this opportunity to express my appreciation to you for the well-rounded concept note focusing on key issues and challenges, we in Sri Lanka, are confronted with. After giving sufficient thoughts to the issues raised in your paper, I have suggested some remedial measures for consideration by the parties. In this regard, the foremost issue to first address is the issue of political illiteracy, general myopia and dishonesty widely characterized among the population. Such diffidence can only be overcome by a continued approach to educate the masses about their own rights and how to exercise them. One of the most productive ways of tackling these issues is at the beginning of childhood through school education and good conduct of the society. A method of doing this is to introduce a course to the school curriculum and to offer adults classes about their rights and responsibilities. However, a long lasting solution to this problem can only be found if people are assured of the rights for enjoying economic freedom in reality.

    Every year, the increasing numbers of qualified students for university entrance raise many challenges for the country as a whole. Pressure on the school children due to the limited scope for admission to universities makes a growing demand for tuition classes. This increases the pressure on children to attend extended hours for learning. As the number of admissions are limited, a large number of potentially high calibre students will be unable to attend universities. Some of them who are accepted to foreign universities find that they would be putting a severe financial burden on their parents. As a result, a considerable amount of foreign currency vanishes annually. I propose that every student getting qualified for admission into the university must be assured of their legitimate rights for continuation of education at local universities. I am, therefore, of the firm opinion that “free education” should be redefined in consideration of distributive justice in a more meaningful sense, quite different from the present day belief that education shall be free up to university level. In this context, it should take into account the importance of sharing the scarce resources in a fair manner among all on the basis of affordability principle. I gave some suggestions to improve the social justice system and governance, measures to bring about economic stability, protecting the natural environment including wildlife and a few more.

    Due to the lengthiness of my note your current site was unable to place it hence I forwarded it to your email. I have suggested some workable and socially desirable measures to address most of the issues you came up with. I fully support your initiative, efforts and commitment directed towards harnessing the people’s power.

    Dr. Neil Magedaragamage
    Former Ambassador and Permanent Representative for Sri Lanka to World Trade Organization and retired Director General of Commerce. (p.s. I kindly suggest that parties interested in my detailed submission, please contact Dr. Gunatilaka Tanthirigama).

    Like

  12. Hi Neil, Beside longer than a usual comment ,your feedback brings me to think more deeply particularly about education reforms to which I fully agree with your suggestions, I am strong believer of education and providing holistic education from kindergarten is a key factor. Please forgive me for using the term “holistic”. What I meant was the children/students should be given not only the subject matter but also other aspects such as, sharing, collective responsibility, good manners and ethics, meaning of rights freedom and responsibilities as citizens and so on. If we can produce not only certificate holders, but also responsible citizens at the end of someones education, our motherland will be a place to live by everybody happily and peacefully. In your feedback, you have highlighted education and said you have thoughts about other challenges as well. When got time please educate us with your very thoughtful ideas. Thank you.

    Like

  13. මෙය ඉතා හොඳ උත්සාහයක්. අපේ රට අද මුහුනපා තිබෙන අර්බුදකාරී තත්වයට මූලික හේතු ඉතාම පුලුල් ලෙස විශ්ලේශනය කරල තියනවා. මෙම කරුනු වලට අමතරව, අධ්‍යාත්මිකව දියුනුවූ ජනතාවක් බිහිකිරීමට පවතින අධ්‍යාපන ක්‍රමය අපොහොසත්වීම මතුකරදැක්වීම මම උත්සාහ කරනවා.

    අපේ රට තවමත් නොහැදී තියෙන්නේ ප්‍රාග්ධනය, දැනුම, තාක්ෂණය හා පුහුණු ශ්‍රම බලකායක් අප රටේ නොතිබීම ද? එසේ නොවේ නම් පවතින ප්‍රාග්ධනය, දැනුම, තාක්ෂණය හා පුහුණුව රටේ පොදු යහපත සඳහා ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කැප කිරීමට සැදී පැහැදී සිටින රටට ආදරය කරන අවංක වු, සත්‍යගරුක වූ, විනයගරුක වු, නීතිගරුක වු, පරිත්‍යාගශීලි හා පරාර්ථකාමී වූ තම සුඛ විහරණය පොදු යහපත වෙනුවෙන් කැප කිරීමට සූදානම් මිනිසුන් අප රටේ හිඟවීම ද? අප රට තවමත් නොහැදී තිබීමට ප්‍රධාන හේතුව දෙවැන්න බව දැන් පැහැදිලි වෙමින් තියෙනවා.

    එසේ වුවත් දැනට පවතින අධ්‍යාපන ක්‍රමය මගින් මිනිසුන් හැදීමක් සිදුනොවන බවයි පෙනෙන්නේ. මන්ද රට හැදීමට අවශ්‍ය ආකාරයේ ඉහතින් සදහන් කරන ලද යහපත් ලක්ෂණ දරන උගත් පිරිසක් බිහිකිරීමට අධ්‍යාපනය සමත් වී නැති බවයි පවතින සාක්ෂිවලින් තහවුරුවන්නේ. පවතින අධ්‍යාපනයෙන් බිහි කරන ලද උගතුන් හා පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබීමට නොහැකි වූ නූගතුන් සංසන්දනය කරන විට උගතුන් නූගතුන්ට වඩා පරාර්ථකාමීත්වය, අවංක බව, පරිත්‍යාගශීලී බව, විනය ගරුක බව, නීතිගරුක බව, පොදු යහපත වෙනුවෙන් තම සුඛ විහරණය කැප කිරීමට සූදානම් බව හා රටට ආදරය කරන බව ආදී ගුණාංග අතින් ඉහළ මට්ටමක සිටින බවක් පෙන්වීමට සාක්ෂි නැහැ. උගත් නූගත් දෙපිරිසම මෙම ගුණාංග අතින් පහළ මට්ටමක සිටින බවයි පෙනෙන්නේ.

    එසේනම් දැන් අපට අවශ්‍යවන්නේ රට හැදීම හෝ රටේ ආර්ථිකය හැදීම මෙන්ම රටේ මිනිසුන් හැදීමත් අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයක්. විසි එක්වන සියවසට අවශ්‍ය නවීන දැනුම, තාක්ෂණය හා පුහුණුව නොඅඩුව ලබාදෙන එමෙන්ම අන්‍යයන්ට පොදුවේ රටටත් ආදරය කරන ජාතිවාදී, ආගම්වාදී හෝ කුලවාදී නොවූ අවංක, සත්‍යගරුක, විනයගරුක, නීතිගරුක තම පෞද්ගලික සුඛ විහරණය පොදු යහපත වෙනුවෙන් කැප කිරීමට සූදානම් පරාර්ථකාමී පුද්ගලයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව පැහැදිලිවම පෙනෙනවා. වෙනත් වචනවලින් කිවහොත් රට හැදීමට පමණක් නොව මිනිසුන් හැදීමටත් යොමු වූ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි. මිනිස්සුන් නොහදා රට හදන්න බැරි බව දැන් සක්සුදක් සේ පැහැදිලි නිසයි. පාසල් දරුවන් තුළ මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ද ධනාත්මක වෙනසක් සිදුවන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.

    මෙන්න මෙතනදි තමයි අධ්‍යාපනයට ආධ්‍යාත්මිකත්වය (spirituality) ඇතුල් කිරීමේ අවශ්‍යතාවය මතු වෙන්නේ. ආධ්‍යාත්මිකත්වය යන වචනය ඇසෙන විටම බොහෝ දෙනකුට සිතෙන්නේ මේ කතා කරන්නේ ආගම ගැන කියලයි. නමුත් එය එසේ නොවෙයි. ආධ්‍යාත්මික යන වචනය “අධි” සහ “ආත්ම” යන සංස්කෘත වචන දෙකේ එකතුවෙන් සෑදී ඇති බව සංස්කෘත භාෂාව පිළිබඳ විශාරදයින්ගේ අදහසයි. “අධි” වචනයෙන් උසස් හෝ උතුම් යන අර්ථයත් ආත්ම වචනයෙන් පුද්ගලයා යන අර්ථයත් දෙනවා. එවිට අධි+ආත්ම හෝ ආධ්‍යාත්මය යන වචනයේ අර්ථය පුද්ගලයකුට එළඹිය හැකි උසස්ම තත්ත්වය වශයෙන් දක්වනවා. පුද්ගලයෙක් මෙම උසස්ම තත්ත්වයට එළඹුණු විට එම පුද්ගලයාගේ චර්යාවන් තුළින් විද්‍යාමාන වන උසස් ගුණ සමුදාය ආධ්‍යාත්මික ගුණ වශයෙන් හඳුන්වනවා. අසීමිත ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, පරාර්ථකාමීත්වය, අවංකබව හා පොදු යහපත වෙනුවෙන් කැප වීම ආදී බොහෝ ගුණ ආධ්‍යාත්මික ගුණ වශයෙන් පිළිගන්නවා. වෙනත් වචනවලින් කියතොත් යහපත් මනුෂ්‍යයකු තුළ තිබිය යුතු ගුණ වශයෙන් සෑම සමාජයක් හා සංස්කෘතියක් තුළම පිළිගන්නා ගුණ ආධ්‍යාත්මික ගුණ වශයෙන් හඳුන්වන්න පුළුවන්.

    ආධ්‍යාත්මික ගුණ පිළිබඳ මෙම අර්ථකථනය නවීන විද්‍යාව සමඟ ඉතා හොඳින් ගැලපෙනවා. මනෝවිද්‍යාවට අලුතෙන්ම එකතු වූ විෂය ධාරාවක් වන Transpersonal Psychology පිළිබඳ විශාරදයන් පෙන්වා දෙනවා මනුෂ්‍ය වර්ගයා (Homo sap) තවමත් තම පරිණාමය සම්පූර්ණ කොට මනුෂ්‍යයන් වශයෙන් එළඹිය හැකි උසස්ම තත්ත්වයට එළඹී එළඹ නැති බව. ශාරීරික වශයෙන් පරිණාමය වී අන් සියලු ජීවීන් අභිබවා මනුෂ්‍යයා බවට පත් වූ නමුත් මානසික වශයෙන් තවමත් පරිණාමය සම්පූර්ණ කොට නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    අප පරිණාමයේ තවමත් ඉතිරි වී ඇති කොටස ඔවුන් හඳුන්වනවා මනෝ ආධ්‍යාත්මික (Psycho – spiritual) දියුණුව වශයෙන්. ඒ වගේම ස්නායු විද්‍යාවේ (Neuro science) මෑත කාලීන පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා, ආධ්‍යාත්මික ගුණ වශයෙන් අප හඳුන්වන ගුණ සමුදාය සෑම මනුෂ්‍යයකුගේ මොළයේ දෘඩව රැහැණිකරනයව(Hardwired) ඇති බව. ඒ කියන්නේ එම ගුණ මිනිස් මොළයේ නොමැකිය හැකි ආකාරයට රැඳී පවතින බව. මින් පෙනී යන්නේ ආධ්‍යාත්මික ගුණ මනුෂ්‍යයින් වශයෙන් අපට උරුම වූ ගුණ සමුදායක්. අපේ සැබෑ ගතිය පරාර්ථකාමීත්ව යයි. ආත්මාර්ථකාමීත්වය පසුව අපේ මොළයට ඇතුළු වී පැලපදියම් වූ තාවකාලික ලක්ෂණයක්. අධ්‍යාත්මික දියුණුවේ දී සිදුවන්නේ අප තුළ සැඟවී පවතින පරාර්ථකාමීත්වය ඇතුළු මෙම ආධ්‍යාත්මික ගුණ සමුදාය සජීවී ලෙසින් අප චර්යාවන් තුළින් විද්‍යාමාන වීමයි.

    සෑම ආගමක්ම ආධ්‍යාත්මික ගුණ අගය කරනවා. ආධ්‍යාත්මික ගුණ පුද්ගලයා තුළින් විද්‍යාමාන වන ආකාරයට පුද්ගලයින් ආධ්‍යාත්මිකව දියුණු වීම සඳහා විවිධ ක්‍රමවේද විවිධ ආගම් මගින් ඉදිරිපත් කර තියෙනවා. සෑම ප්‍රධාන ආගමකම ප්‍රධාන අරමුණ වන්නේ ආධ්‍යාත්මික දියුණුව යි. සෑම ප්‍රධාන ආගමකම හරයවන්නේ ආධ්‍යාත්මික දියුණුවයි. ඒ කියන්නේ එම ආගම අදහන පිරිසට, පුද්ගලයින් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් එළඹිය හැකි උසස්ම තත්ත්වයට එළඹීම සඳහා ප්‍රගුණ කළ යුතු ක්‍රමවේදය පහදා දීමයි. ඒ ඒ ආගම්වල නිර්මාතෘවරුන්ගේ අභාවයෙන් පසු ගත වූ දීර්ඝ කාලය තුළ දී ඔවුන්ගේ ඉගැන්වීම්වල හරය වූ ආධ්‍යාත්මික දියුණුව ක්‍රමයෙන් නොවැදගත් තැනකට ඇද වැටී ඒ වෙනුවට දේශපාලන හා වාණිජමය වශයෙන් වැදගත් වූ වෙනත් අරමුණු ඒ ඒ ආගම්වල හරය බවට පත් වී තිබෙනවා. ඒ නිසා අද බොහෝ ආගම් ආගමික සංවිධාන හා ඒවායේ නායකත්වය දරන පූජකවරුන් මගින් අධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු යහපත් සමාජයක් ගොඩනැගීමට එතරම් දායකත්වයක් සිදුවන්නේ නැහැ. අන්‍යයන් සමග සුහදව, සම්පත් බෙදා හදාගෙන සාමකාමී සහජීවනයෙන් ජීවත්විය හැකි පුද්ගලයන් බිහි කිරීමට වඩා අන්‍ය ජාතීන්, අන්‍ය ආගම් හෙලාදකින, තම ආගමේ නාමයෙන් අන්‍ය ආගමිකයන්ට හිංසා පමුණුවන, ආධ්‍යාත්මික වශයෙන් පිරිහුණු
    පිරිසක් බිහි කරන බව අද පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මේ නිසා ආධ්‍යාත්මිකත්වය හා ආගම එකක් ලෙස සලකන්න බැහැ.

    මේ නිසා ආගම ඉගැන්වීම මගින් ආධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු දරු පිරිසක් බිහි කළ හැකි යැයි සිතන්න අමාරුයි . මෙතෙක් කල් සෑම පාසලකම මෙන් ආගම ඉගැන්වූ නමුත් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුදැරියන් අධ්‍යාත්මිකව දියුණු වූ බවක් පෙනෙන්නේ නැහැ. ආගම පාසල්වල ඉගැන්වීම මගින් ආධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු, පරාර්ථකාමී, පොදු යහපත වෙනුවෙන් කැප වූ විනයගරුක, නීතිගරුක, සත්‍යගරුක පුරවැසියන් බිහි වූ බවක් පෙනෙන්න නැහැ. පාසල්වල ආගම ඉගැන්වීම මගින් එවැනි පුරවැසියන් බිහි වූවානම් රට මේ වගේ තියෙන්න බැහැ. ආධ්‍යාත්මික ගුණයෙන් හෙබි යහපත් පුද්ගලයින් තැනින් තැන ඉඳහිට සුළු වශයෙන් හමුවන නමුත් පොදුවේ ගත් විට අප සමාජය ආධ්‍යාත්මික වශයෙන් ඉතා නොදියුණු තත්ත්වයක පවතින බවයි පෙනෙන්නේ. එය උගත්, නූගත් හා දුප්පත්, පෝසත් යන සෑම සමාජ ස්ථරයකටම, සෑම ආගමකටම හා ජාතියකටම පොදු වූවක්.

    ආධ්‍යාත්මික වශයෙන් නොදියුණු සමාජයකින් බිහිවන හා එබඳු සමාජයක ජීවත්වන දේශපාලන නායකයින්, පාලකයින් හා වෘත්තිකයින් මෙන්ම ආගමික නායකයින් හා පූජකවරුන් ද ආධ්‍යාත්මිකව නොදියුණු හා ආධ්‍යාත්මික ගුණ නොපවතින පුද්ගලයින් වීම පුදුමයක් නොවේ. අවංක බව, නීතිගරුක බව, ජනතා සේවයට කැපවීම, ජාති ආගම්වාදී නොවී සියලු ජන කොටස්වලට සමානව සේවය කිරීම හා තම පෞද්ගලික සුඛ විහරණය යහපත වෙනුවෙන් කැප කිරීම වැනි ගුණ ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට තම තනතුරු සහ බලය පොදු යහපතට වඩා තම සුඛ විහරණය සඳහා යොදා ගැනීම පුදුමයට පත්විය යුතු දෙයක් නොවේ.

    ආගම ඉගැන්වීමෙන් ආධ්‍යාත්මිකව දියුණු වූ සමාජයක් බිහි කිරීමට නොහැකි බව පෙනී යන්නේ නම් අපට ඊළඟට ඉතිරිවන විකල්පය වන්නේ ආධ්‍යාත්මිකත්වය විධිමත් අධ්‍යාපන ක්‍රියාදාමයට ඇතුළත් කිරීමයි. මෙම විකල්පය හා බැඳුණු අමතර වාසි කිහිපයක් ද පවතිනවා. ආගම ඉගැන්වීමේ දී මෙන් නොව ආධ්‍යාත්මිකත්වය ඉගැන්වීමේ දී එය විද්‍යාත්මක සාක්ෂි සහිතව තාර්කිකව ගැනීමට හැකිවීම එක් ප්‍රධාන වාසි සහගත තත්ත්වයක්. මන්ද පෙර මෙන් නොව අද පාසල් අධ්‍යාපනය ලබන විසි එක්වන සියවසේ දරුවන් විද්‍යාත්මකව හා තාර්කිකව සිතන පිරිසක්. නවීන විද්‍යාව සමග නොගැලපෙන අතාර්කික වූ විශ්වාස හා කතාන්දර මත පදනම් වූ ආගමික ඉගැන්වීම් පිළිගැනීමට ඔවුන් සූදානම් නැහැ. ඇතැම් විට ගුරුවරුන්ට දෙමාපියන්ට හා පූජකවරුන්ට ඇති ගෞරවය නිසා ප්‍රශ්න නොකොට පිළිගනු ලැබුවත් තමා ඉගෙන ගත් ආගමික ඉගැන්වීම්වල අතාර්කික බව හා සාවද්‍යතාවය වැටහෙන විට ඔවුන් ඒවා අත්හැර දමනවා. තම ජීවිතයට බද්ධ කර ගන්නේ නැහැ.

    අනිත් වාසිදායක තත්ත්වය වන්නේ ආගමික නොවූ විද්‍යාත්මක විෂයයක් වශයෙන් ආධ්‍යාත්මිකත්වය උගන්වන බැවින් එය වෙනස් වෙනස් ආගම්වලට අයිති දරුවන් සිටින පන්තිකාමරවල ඉගැන්වීමට හැකිවීමයි. මෙය බහු ආගමික සමාජයට වඩාත් යෝග්‍ය වූවක්.

    ආධ්‍යාත්මිකත්වය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීම අනාගතයේ දී ආගම් අතර සහජීවනය ඇති වීමට හේතු වෙනවා. විවිධ ආගම්වලට අයත් දරුවන් ආධ්‍යාත්මිකත්වය විද්‍යාත්මක විෂයක් වශයෙන් හදාරන විට ඔවුන්ට හැකියාවක් ලැබෙනවා තම තමන්ගේ ආගම්වල පටු සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ මනුෂ්‍යත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. ආධ්‍යාත්මික ගුණ මනුෂ්‍යයින් වශයෙන් තමාටත් තම පන්තියේ අන්‍ය ආගමික දරුවන්ටත් උරුම වී ඇති බවත් එම ගුණ සමුදාය තම තමන්ගේ චර්යාව තුළින් විද්‍යාමාන වන පරිදි අධ්‍යාත්මිකව දියුණු වී පූර්ණ මනුෂ්‍යයෙක් බවට පත්වීම තම ජීවිතයේ පරමාර්ථය බවත්, තම ආගම එම පරමාර්ථය මුදුන්පත් කරගැනීම සඳහා එහි ආදි කර්තෘතුමා විසින් ඉදිරිපත් කරන ලද එක් ක්‍රමවේදයක් පමණක් බවත්, තවත් එවැනිම ක්‍රමවේද අනෙක් ආගම්වල ආදි කර්තෘවරුන් විසින් ද ඉදිරිපත් කොට ඇති බවත් ඔවුන්ට අවබෝධ වෙනවා. වෙනස් වෙනස් ක්‍රමවේද තුලනාත්මකව, විද්‍යාත්මකව හා තාර්කිකව අධ්‍යයනය කරන විට ඔවුන්ට ලැබෙන පුළුල් හා ගැඹුරු අවබෝධය තුළින් තම තමන්ගේ ආගම්වලින් තම මනසේ රෝපණය කරන ලද පටු සීමාව හා ආගමික මමත්වය(Religious Ego තම ආගම පමණක් හරි, අන් සියළුම ආගම් වැරදියි ) ඉක්මවා ගොස් සෑම විටම පොදු වූ මනුෂ්‍යත්වය දකින්න පුළුවන් වෙනවා.

    එමෙන්ම තම තමන්ගේ ආගම්වල ආදි කර්තෘවරුන් ගේ අභාවයෙන් පසු විවිධ දේශපාලනික හා වාණිජමය ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් පසු කාලීන ආගමික නායකයින් විසින් එකතු කරන ලද ඉගැන්වීම්, පුද පූජා හා විශ්වාසයන්හි නිශ්ඵලභාවය ඔවුන්ට වටහා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එවිට විවිධ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ආගම් අතර භේද වපුරන ආගමික නායකයින්ට, දේශපාලන නායකයින්ට, පූජකවරුන්ට තවදුරටත් එම කාර්යය කරගෙන යාම අපහසු වෙනවා. තම තමන්ගේ ආගම්වල හරය වූ ආධ්‍යාත්මිකත්වය නැවත සොයා ගැනීමටත් එය අනුගමනය කිරීමටත් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අවස්ථාවක් ලැබෙනවා.

    කෙසේ වුවත් ආධ්‍යාත්මිකත්වය ඉගැන්විය යුත්තේ පන්ති කාමරයට සීමා වූ විභාග මඟින් දරුවන්ගේ දැනුම මනින සාම්ප්‍රදායික විෂයක් ලෙසින් නොව පිහිනීම, සංගීතය හා ශාරීරික ව්‍යායාම වැනි ප්‍රායෝගික විෂයයක් ලෙසයි. පන්ති කාමර තුළ න්‍යායාත්මක දැනුම ලබා දීමෙන් අනතුරුව ඔවුන් තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති කරන ප්‍රායෝගික අභ්‍යාසයන්හි යෙදවීම අවශ්‍යයි. මෙබඳු ප්‍රායෝගික අභ්‍යාස අතර ආගමික අභ්‍යාස මෙන්ම ආගමික නොවන නවීන විද්‍යාව මත පදනම් වූ ආධ්‍යාත්මික අභ්‍යාස ද පවතිනවා. ආධ්‍යාත්මිකව දියුණු වී මෙහිලා මෙම බොහෝ අභ්‍යාසවල සාර්ථකත්වය විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කරලා තියෙනවා. එකිනෙකාගේ ආගම, සංස්කෘතික පසුබිම හා පෞද්ගලික රුචි අරුචිකම් අනුව තම තමාට වඩාත් ගැලපෙන අභ්‍යාස හෝ ක්‍රමවේද තෝරා ගන්න පුළුවන්.

    ආරම්භයේදී සඳහන් කළ ආකාරයට රටේ මිනිසුන් හදා රට හදන්න නම් රටෙහි අධ්‍යාපනයට ආධ්‍යාත්මිකත්වය ඇතුළු කිරීමේ අවශ්‍යතාවය දැන් පැහැදිලියි. ආධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු පුද්ගලයෙක් රටක් හැදීමේ පූර්ව අවශ්‍යතාවයක්. මේ දිනවල කොවිඩ් වසංගතය නිසා අප රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මෙම වසංගතය මෙපමණ දරුණු තත්ත්වයකට පත් වුණේ රටේ මිනිසුන් විනයගරුක නොවීම, නීතිගරුක නොවීම, සත්‍යගරුක නොවීම, ආත්මාර්ථකාමී වීම හා වගකීම් රහිතව හැසිරීම් නිසා බව දැන් රහසක් නොවේ. මේ සියල්ල ආධ්‍යාත්මික නොදියුණු බවේ ලක්ෂණ. රට හැදීම සඳහා, රටේ ආර්ථිකය හැදීම සඳහා රටේ මිනිසුන් හැදීම අවශ්‍ය බවට මෙය සරල උදාහරණයක්. අධ්‍යාපනයට ආධ්‍යාත්මය ඇතුළු කිරීම අවශ්‍යයි රටේ මිනිසුන් හැදීම සඳහා. එහෙත් මෙය කෙටිකාලීන විසඳුමක් නොවේ. අඩු තරමින් තවත් පරම්පරාවක් හෝ දෙකක් ගත වේවි. එහෙත් අපේ රටේ අනාගත සුභ සිද්ධිය සඳහා එය අවශ්‍යයි.

    Like

    1. Hi Rohana
      Your addition to the conversation is outstanding. It opens the way to think that education plays a critical role in addressing root-causes of all issues. If we can produce a person with high ethical standards and rational and positive attitudes through education, society will never be suffering like this. Because people will start thinking, achieving common well-being as a society is the way, against trying to achieve personal well-being or well-being limited to his/her family.

      I agree we can create that type of mentality among masses only through education system. Reformed education system starting from very early ages. Not an easy task, but we can reap the benefits sooner or later.
      Many thanks for your time to type a lengthy but very informative explanation. Best wishes for your campaign of promoting spirituality.

      Like

  14. මෙම ප්‍රතිපෝෂණය පුද්ගලික තොරතුරු හෙළි කිරීමට අකමැති පුද්ගලයකු වෙනුවෙන් මම පළ කරමි. සංවාදයට ඔහුගේ/ඇයගේ දායකත්වය අගය කරමි.
    ජ්‍යේෂ්ඨ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ලෙස වසර ගණනාවක අත්දැකීම් සහ පලපුරුද්ද සමග ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳව ඇති දැණුම භාවිතයෙන් රටේ සමස්ත තීන්දු තීරණ ගන්නා සියළු දෙනාට නැවත වරක් නෙත් විවර කර හිතන්නට දෙන පණිවිඩයක් මෙහි අන්තර්ගත වී ඇති සේම ලංකාවේ පුරවැසියෙක් ලෙස විදේශයක සිට ලබා ගත් අත්දැකීම් හා පලපුරුද්ද දේශීය සංවර්ධනය කෙරේ යොදවා ගත යුත්තේ කුමන අයුරකින්ද යන්න පිළිබඳවත් අවබෝධයක් මේ මගින් ලබා දී ඇත. මෙම අභියෝග සඳහා දෙවන පියවරේ දී විකල්ප ඉදිරිපත් කරන බැවින් එයට අදහත් කිහිපයක් මෙසේ ඉදිරිපත් කල හැකිය.

    1. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ව්‍යවහාර කිරීම

    ප්‍රජාතනතවාදයේ වැරදි ලෙස අර්ථ නිරූපන කර ජනතාව මුලා කරමින් පත් වන නායකයා මතම යැපීම වැලැක්වීමට කටයුතු කිරීම

    සෑම විටම තමා පක්ෂපාතී නායකයා ගන්නා සියලු තීන්දු තීරණ නිවැරදි යයි සිතා ඔහු වෙනුවෙන්ම පෙනී සිටීමේ ක්‍රමවේදය වෙනස් කිරීම හා නව මගකට යොමු කිරීම

    තම අපේක්ෂාවන් වෙනුවෙන් සැම විටම කිසිවකු හෝ පෙනී සිටිමින් ඒවා ඉටුකරාවි යන අදහස දරමින් තමා වෙනුවෙන් හඩක් නැගීමට ඉදිරිපත් නොවීම වෙනුවට තමා විසින්මඅපේක්ෂාවන් ඉටු කරවීමට පෙළඹවීම හා ජනතාව දැණුවත් කිරීම

    2.ආකල්ප සහ ආචාර ධාර්මිකව හැසිරීම

    ආත්මාර්ථය මත පමණක්ම කටයුතු කිරීමට හා තරඟකාරීත්වයට මුහුණ දීමේ අභිලාශය මතම පමණක් කේන්ද්‍රගත වී ඇති සමාජය අන්‍යෝන්‍ය රැඳියාවකින් යුතුව සාමූහිකව කටයුතු කරන යහපත් සමාජයක් බවට පත් කිරීමට කටයුතු කිරීම(කොවිඩ් වසංගතය හමුවේ බොහෝ පාඩම් ඉගන ගැනීමට හැකි වූ නිසා)

    නායකයන්ගේ නොමනා හැසිරීම අනුගාමිකයින් අවිවාදයෙන් පිළිගැනීම සහ අනුගමනය කිරීමට උත්සාහ ගැනීමේ ක්‍රමවේදය නවතා දැමීමට නව ආකල්ප පද්ධතියක් සැකසීම(කල්යන වැඩක්)

    03.ආර්ථික අවපාලනය

    රටට හිතකර ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් අතීතයේ සිට නොපැවතීම(තම අපේක්ෂාවන් වෙනුවෙන් බලයට පැමිණෙන්නන් සකස් කරන පස් අවුරුදු සැලසුම් බල පෙරලිය සමග ක්‍රියාත්මක නොවීම හරහා දිගු කාලීන ව්‍යාපෘති වෙනුවෙන් කරන ආයෝජන වල දී විශාල ලෙස අක්‍රමිකතා හා අවභාවිතයන් සිදු වීම) හේතුවෙන් සංවර්ධන ක්‍රියාවලියට වන බාධා අවම කිරීමට හිතකර ස්ථායී ආර්ථික ප්‍රතිපත්තියත් සැකසීම.

    විදේශ විනිමය උත්පාදනය කාර්යක්ෂමව පවත්වා ගැනීමට හා කළමනාකරණය කිරීමට නිසි වැඩපිළිවෙලක් සැකසීම

    දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට හා නව කර්මාන්ත ඇරඹීමට දක්වන මැලිකම හේතුවෙන් විශාල ආර්ථික වටිනාකම් උත්පාදනය කල හැකි සම්පත් තමා සතුව තිබියදීත් විදේශ ණය හා ආධාර මත යැපීමට නිරනතරයෙන් උත්සාහ කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම හා දේශීය සම්පත් ඵලදායීව උපයෝජනය කිරීමට කටයුතු කිරීම

    ආදායම් උත්පාදන දිගු කාලීන හා කෙටි කාලීණ ව්‍යාපෘති පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම හා ඇතැම් විට පොද්ගලික ප්‍රතිලාභ මත සංවර්ධන ව්‍යාපෘති තෝරා ගැනීම වෙනුවට නව ක්‍රමවේදයක් සැකසීම

    බදු ප්‍රතිපත්තිය නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් සංශෝධනය කිරීම

    අඩු ආදායම් ලාභීන් වැඩි ප්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීමට හා එමගින් ජීවන තත්වය ඉහල නැංවීමට නව ක්‍රමවේදයක් සකස් කිරීම

    4.පාරිසරික අවපාලනය

    පෞද්ගලික ප්‍රතිලාභ පදනම් කර ගනිමින් අනීතික පාරිසරික සම්පත් භාවිතයට නීති පැනවීම/ නව ක්‍රමවේද සකස් කිරීම

    වටිනාකම් රැස්කර ගත හැකි පාරිසරික සම්පත් නිසි පරිදි උපයෝජනය කිරීමට (අකාර්යක්ෂම පාරිසරික සම්පත් භාවිතය) කටයුතු කිරීම

    පරිසර සංරක්ෂණය නමින් විවිධ සංවිධාන බිහිකර ගනිමින් අපේක්ෂිත ඉලක්ක කිහිපයක් වෙත පමණක් අවධානය යොමු කිරීම

    ආර්ථික වටිනාකම් ලබාගත හැකි සම්පත් සුරැකීමට ග්‍රාමීය මට්ටමින් හෝ නිසි වැඩපිළිවෙකල් ක්‍රියාත්මක කිරීම

    පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය කෙරේ ජනතාව තුළ නිසි අවබෝධයක් ඇති කිරීම හා පරිසර සංරක්ෂණය කෙරේ යොමු කරවීම

    5.රජයේ වියදම් හා පරිපාලන වගකීම්

    අයවැය ලේඛණය මගින් ප්‍රවර්තන වර්ෂය සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ විශ්ලේෂණය කරමින් වඩාත් අත්‍යවශ්‍ය හා ඵලදායී ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කිරීම

    නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් සඳහා වෙන් කරනු ලබන පිරිවැයට සාපේක්ෂව ඵලදායී හා ගුණාත්මක සේවාවක් සිදු වන්නේද යන්න පිළිබඳව පසු විපරම් සිදු කිරීම

    අඛණ්ඩව පාඩු ලබන රාජ්‍ය ආයතන වෙත නව වැඩපිළිවෙලක් සැකසීම හා එම ආයතන ලාභ ලබන මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම

    රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් දරනු ලබන අතිවිශාල දැරිය නොහැකි පිරිවැය වෙනුවෙන් ඵලදායී වටිනාකමක් ලබා ගත හැකි පරිදි රාජ්‍ය යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම

    6.අධිකරණ පද්ධතිය

    අධිකරණයේ ස්වාධීණත්වය ආරක්ෂා කිරීමට හා ජනතාවට අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් රැකෙන පරිදි නව පවතින නීති රීති සංශෝධනය හෝ නව නීති සම්පාදනය කිරීම

    7. අධ්‍යාපන ක්‍රමය

    විභාග අභිලාශය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ප්‍රායෝගික ජීවිතයට යොදාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම

    තරඟකාරීත්වය ඒකායන අරමුණ බවට පත් කරගත් ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රයම වෙනස්කර සංවාදී ජනහිතකාමී පුද්ගලයන් බිහිකල හැකි පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම

    රාජ්‍ය රැකියාවක් අපේක්ෂාවෙන් අධාපනය ලැබීම සාමාන්‍යකරණය වී ඇති අතර තම දැණුම,කුසලතා,ආකල්ප වර්ධනය කර ගනිමින් නව රඑැකියා සොයා යාම කෙරේ තරුණ පරපුරේ අවධානය යොමු කරවීමට කටයුතු කිරීම

    තාර්කික,විචක්ෂණශීලී චින්තනයකින් යුත් තරුණ සමාජයක් බිහිවීම වෙනුවට අන්තර්ජාලය භාවිතා කරමින් ඒ මත යැපෙමින් කටයුතු කරන පරපුරක් සමාජගත වීම හේතුවෙන් අනපේක්ෂිත තත්වයන් වලදී වඩාත් යෝග්‍ය තීරණ නිවැරදි අයුරින් ගත නොහැකි වීම හේතුවෙන් අසීරු තත්වයන්ට මුහුණ දීමට සිදු වීම

    තුඩාගල සිටම අධ්‍යාපනය හා විභාග මානසිකත්වයට හුරු කරවීම හේතුවෙන් සමාජ සාරධර්ම කෙරේ අවධානය යොමු කිරීමට නොදන්නා සහ අන්‍යෝන්‍ය රැඳියාවකින් යුතුව සාමූහිකව කටයුතු කිරීමට නොදන්නා පිරිසක් බිහිවීම

    8.මානව සම්පත් උපයෝජනය

    බුද්ධිගලනය වලක්වා ලීමට නිවැරදි ක්‍රමවේදයක් සැකසීම හා පෞද්ගලික කාරණා පදනම් කර ගනිමින් තනතුරු ලබා දීම ඔස්සේ තව දුරටත් රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපන කිරීමට කටයුතු නොකිරීම

    සමෘද්ධි වැනි සහනාධාර ක්‍රම සහ විවිධ දීමනාවන් ලබා දීම තුලින් ජනතාව යැපුම් මානසිකත්වය වෙත යොමු කිරීම වෙනුවට තම උත්සාහයෙන් ආදායම් උත්පාදන මාර්ග වෙත යොමු වීමට පෙලඹවීම

    පාසැල් අධ්‍යාපනය නිසි පරිදි සිදු කර ගැනීමට නොහැකි තරුණ පරපුර වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය නංවා ලීමට නව වැඩසටහන් ව්‍යාපෘති හඳන්වා දීම

    විවිධ ක්ෂේත්‍ර කෙරේ ඇල්මක් හා කුසලතාවයක් දක්වන ප්‍රජාවට තම ක්ෂේත්‍රය ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ගේ දැණුම,කුසලතා,ආකල්ප වර්ධනය කිරීම හා ගෘහ සේවයට විදේශ වෙත ඇදීයන පිරිස් වෙනුවට ගුණාත්මක සේවාවන්හි නිරත විය හැකි පිරිසක් බිහි කිරීමට කටයුතු කිරීම

    9. විදේශ ණය බර

    අපනයන දිරි ගැන්වීමට කටයුතු කිරීම හරහා අපනයනකරුවන් සඳහා හිතකර ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ඔවුන් දිරිමත් කිරීම

    ආනයන මත රැදෙමින්ම කටයුතු කිරීම වෙනුවට සහ ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම කෙරේ අවධානය යොම් කිරීම

    10. ජාත්‍යන්තර සබඳකම් සහ ගෝලීය දේශපාලනය

    ගෝලිය වශයෙන් පවත්නා වූ දේශපාලන බල අරගලයට මැදිහත් වීම වෙනුවට වඩා සූක්ෂම ක්‍රමවේද ඔස්සේ අනෙකුත් රටවල් සමග සබඳතා පවත්වා ගැනීම

    Like

Leave a Reply to දේවසුරේන්ද්‍රා අසෝකා Cancel reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: